(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසර සඳහා වාහන ආනයනය වෙනුවෙන් මහ බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේ ද කීය.
වාහන ආනයනයෙන් විදෙස් සංචිතවලට බලපෑමක් තිබෙනවා දැයි දැන්ම පැවසිය නොහැකියි.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී වසරකට වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඉතිරි මාස නවය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ තිබෙනවා.
ශ්‍රී ලංකාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක පමණ ණයවර ලිපි වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබෙනවා යැයි ද ඔහු කීය.