මෛත්‍රී සී.අයි.ඩීයෙන් පිටව යයි


(ගයාන් සූරියආරච්චි)

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 08කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

හිටපු ජනපතිවරයා පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි අතර පස්වරු 5.40 ට පමණ ඉන් පිටව ගියේය.