මොටර් රියක් කෝච්චියේ ගැටිලා


(කේ. බුද්ධික කුමාරසිරි)


කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී  සිදු වූ අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

අදාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ක්‍රියාකරුවකු සේවයේ නොමැති වීම නිසාවෙන් මෙම අනතුර සිදු වූ බවත් මෙම මාර්ගය අසල පාසලක්ද පිහිටීම නිසාවෙන් දැඩි අනවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි ද අසල්වාසීහු පවසති.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ එක් පුද්ගලයෙකු පමණක් සිට ඇති අතර එම පුද්ගලයාට කිසිදු හානියක් නොමැති බව කොස්ගම පොලිසිය පවසයි.