මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි


(කේෂර ගුණතිලක)

2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය.

තණමල්විල,බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය සභා සඳහා සර්ව ජන බලය පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා හතරක් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ කතරගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්කළ නාම යෝජනා දෙකක් සහ ස්වාධීන කණ්ඩායමක් මැදගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්කළ එක් නාමයෝජනාවක් එසේ ප්‍රතික්ෂේප විය.

සමඟි ජන බලවේගය,ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ,පොදුජන එක්සත් පෙරමුණ,ජාතික ජන බලවේගය යන පක්ෂ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයම වන සියඹලාණ්ඩුව, මොනරාගල, බඩල්කුඹුර, මැදගම, බිබිල, බුත්තල, කතරගම, වැල්ලවාය,තණමල්විල,මඩුල්ල යන පළාත් පාලන ආයතන දහය සඳහාම ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගත්තේය