මොරගහකන්ද ජලාශයේ දූපත්වලට අලි ඇවිත්



 
(ඉන්දික අරුණ කුමාර)
 
මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයටද ජලය ලැබෙමින් තිබේ.
 
පරිසරය වෙනස් වීමත් සමග වන අලි ජලාශයේ කුඩා දූපත්වලට බැස ජලය බොන අයුරු මේ දිනවල මොරගහ කන්දේ දැකිය හැකි සුලභ දසුනකි.
 
නකලස් කදු පංතියෙන් ගලා හැලෙන ජල ධාරාවෙන් පෝෂනය වන මොරගහකන්ද ජලාශයට ඉහළින් වැසි වලාවන්ගෙන් පිරි ඇති අයුරැත් වන අලින්ගේ පැමිණීමත් මොරගහකන්ද ජලාශයට සුන්දරත්වයක් එක් කර තිබේ.