මොරගහකන්දේ ජල මට්ටම සියයට 90ක් පිරි අවසන්


 


 
(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද (21) වන විට මීටර් 58ක් (ජලාශයේ පතුලේ සිට අඩි 174 ක්) වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී. එස්.බණ්ඩාර මහතා පැවැසීය.
 
ජලාශයේ වේල්ලේ උස මීටර් 60 ක් පමණ වන බවත් ජලාශයේ රැඳවිය හැකි උපරිම ජල ප්‍රමාණය අක්කර අඩි හාර ලක්ෂ පනස් පන්දහසක් බව ද කීය.
 
අක්කර අඩි හතලිස් දහසක් පමණ ජලාශය සම්පූර්ණ වශයෙන් පිරීමට අවශ්‍ය බවත් එය සමස්ථ ජලාශයේ වපසරියෙන් මීටර් දෙකක පමණ උසකින් යුතු ප්‍රමාණයක් බවද පැවැසීය.
 
මේ වන විට ජලාශයේ ජල මට්ටමෙන් සියයට අනූවක් පමණ පිරි ඇති බවත් ජලාශයට ඉහළ ජලාධාර ප්‍රදේශ වලින් ජලය ලැබෙමින් පවතින බවත් කියා සිටියේය