මෝටර් රථයක් 9 ක් බිලි අරන්


දකුණු කොරියාවේ සෝල් අගනුවර මෝටර් රථයක් පදිකයන්ගේ ගැටී සිදුවුණු අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තුවාල ලැබූ ගණන 4 කි.

අදාළ මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කළ බවත්, එය පදිකයන් අතරට කඩා වැදුණේ මෝටර් රථ දෙකක හැපීමෙන් පසුව බවත් වාර්තා වේ.

මියගිය 9 දෙනාගෙන් හය දෙනකු අනතුර සිදුවුණු ස්ථානයේදීම මියගිය බව ද පැවැසෙයි.

පොලිසිය රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවසා ඇත්තේ ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකි වුණු බවය.

 (ඒ.එෆ්.පී.)