( රංජිත් රාජපක්ෂ )
කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (29) දින අලුයම 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වා අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවති බවත්, මොටර් රථයේ රියදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවිමෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වි නොමැත බව පොලීසිය කියයි.