මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි


නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය. 

මෞරි රජ කිරුළ දරන අටවැනියා වන්නේ නා වයි හෝනෝ ය. එමෙන්ම මෞරි රැජිනක් ලෙස කිරුළ දැරූ දෙවැනියා ද නා වයි හෝනෝ යැයි නවසීලන්ත මාධ්‍ය පවසයි.

මෞරි රජු ලෙස කිරුළ දරා සිටි කින්ගි තුහෙයිටියා, අභ්‍යවප්‍රාප්ත විය. ඒ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයනවිට කින්ගි තුහෙයිටියා 69 හැවිරිදි වියෙහි පසුවිය.

කින්ගි තුහෙයිටියාගේ එකම දියණිය නා වයි හෝනෝ ට පිරිනැමීමට මෞරි ප්‍රධානීන්ගේ කැමැත්ත හිමිවුණු අතර, ඒ අනුව ඇයට එම කිරුළ හිමිවිය. මීට පෙර, නා වයි හෝනෝගේ මිත්තණිය ද මෞරි රැජින ලෙස කිරුළ දැරුවාය. 

(ඒ.එෆ්.පී.)