යාපනය අහස සරුංගල් සැණකෙළියෙන් හැඩ වෙයි


 

 

(රොමේෂ් මධුෂංඛ)
 
තෛපොංගල් උදාවෙන් පසුව පවත්වන වාර්ෂික සරුංගල් සැණකෙළිය යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනය ඇතුළු මුහුදු තීරයේදී යාපනය ජනතාවගේ සහභාගීත්වයෙන් මෙවර ද පැවත්වුණි. 

කරත්ත, මාළිගා, සත්ත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයේ ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සැණකෙළිය වෙනුවෙන් සකස් කර තිබිණ.  

වෙහෙසට පත් ගොවි සහ ධීවර  ප්‍රාජාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස මෙම සරුංගල් සැණකෙලිය පැවැත්වේ.   
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සරුංගල් සැණකෙළිය සංවිධානය කර තිබිණි.