යාපනය තැපැල් ඡන්ද රනිල්ට


 

(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)

යාපනය  දිස්ත්‍රික්  තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 7640 ලබා ගත් අතර   ආරියනේත්‍රම් පක්කියසෙල්වම් මහතා 4207  හිමිවිය. අනුරකුමාර දිසානායක මහතා  ඡන්ද  2250 හිමි විය.

2019 වර්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1563ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 17961කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 239කි.