යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක්




(සුජිත් හේවාජුලිගේ )

ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් ( බැඳුම්කර) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළා වාර්තාවක සඳහන්වේ.

එසේම  මෙම ආධ්‍යයන සහ   අනධ්‍යන කණ්ඩායම  එම ශිෂ්‍යත්ව  වැඩසටහන් අවසන් කර වාර්තා කර නොතිබූ බවද එහි දැක්වේ. පසුගිය 1980 සිට 2023 දක්වා කාලයේදී ගිවිසුම් කඩ කළ නිලධාරීන්ගෙන් මෙම බැඳුම්කර අය කර ගැනීමට විශ්වවිද්‍යාලයද නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විවරණ කාර්යාලය පවසයි.

මේ අතර එම විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි  සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අතිකාල සහ නිවාඩු දින ගෙවීම් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.