යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්


(ඉන්දිකා රාමනායක කච්චතිව් සිට..)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ⁣වාර්ෂික මංගල්‍යය  අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත්  අයුරින් පැවැත්විණි.

මෙම  අවස්ථාවට දකුණු  ඉන්දිය හා මෙරට බැතිමතුන්  8583  සහභාගි  වු අතර ඉන් 2510 දෙනකු ඉන්දිය බැතිමතුන් වුහ.

ආචාර්ය  ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය අගරදගුරු තුමන්ගේ හා රේමන්ඩ් වික්‍රමසිංහ  ගාල්ල අගරදගුරුතුමන්ද ගේ ප්‍රධානත්වයෙන්  දේව මෙහෙය පැවැත්විණි.

දෙරටේ බැතිමතුන් වෙනුවෙන් සිංහලෙන් හා ද්‍රවිඩ බසින් පැවැත්විණි.

මෙම මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම්, යටිතල පහසුකම්, ආහාර පාන නාවික හමුදාව විසින් සපයා තිබිණි.

නාවික හමුදාපති වසිස් අද්මිරාල්  පියල් ද සිල්වා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර යන මහත්වරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, යාපනයේ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වුහ.

 

 

(ඡායාරූප -ළහිරු හර්ෂණ)