යාපනයේ කල්ලි දෙකක් ගැටේ


(රොමේෂ් මධුෂංක

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි.

අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.

වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධවලින් පහරදීගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයන් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.

ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්සවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසයි.