යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්


 

( රොමේෂ් මධුෂංඛ)

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය පවසයි.

අදාල නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණයකරගත් පස් දෙනෙකු තියුණු ආයුධ සමගින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලටද බරපතල හානි කොට නිවසේ දොර ජනෙල් වලට හා බඩු බාහිරාදියට හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පැමිණිළ කොට ඇත.

අදාල පහරදීම සිදු කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැත.