යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති


(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාමය හෝටල් ව්‍යාපාරිකයකු යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක් පමණ වන්නාතරය එළි පෙහෙළි   කබානා හෝටලයක්ද ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම කබානා හෝටල්එ ආසන්නයේ විශාල වැව් බැම්මක් ඉදි කොට වැසි ජලය රඳවා ගැනීමට ද කටයුතු කර තිබේ .

මෙම ප්‍රදේශවල හේන් ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන්ට වන සංරක්ෂණ නිලධාරීන්  දැඩි නීති පනවා ඇති අතර අඩි 5කට වැඩිය උස කිසිදු ගහක් හෝ අඩුම තරමේ කැත්තකට  මිටක් හෝ කපා ගැනීමට  අවසර නැති මෙම වන වනසංරක්ෂණ පේරක කලාපයේ මහ ගස් මුලින් උගුලා විනාශ කොට දැවැන්ත පරිසර හානියක් කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.

බිම හෙලා ඇති රූක්ස ගස්වල කඳන් නැත තැන දමා  ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය .

වන අලින් ආහාරයට ගන්නා කඩ කොල්ලන් ගස් විශාල ප්‍රමාණයක් මුලින් ගලවා විනාශ කර ඇති අතර එම ශාඛ ද යොදා ගනිමින් කබානා ඉදිකර ඇත.

මෙලෙස අල්ලා ගත් කැලෑවට මීටර පන්සියයක් පමණ පහලින් සියඹලගස්වැව පිහිටා ඇති අතර එම වැවෙන් කුඹුරු අක්කර 50 පමණ වගාව සිදු කරති. 

එහෙත් එම වැවට වැසි ජලය සැපයෙන ආර හරස් කොට මෙම හෝටල් හිමියා  හිතුමතේ වැවක් ඉදි කිරීම තුළින් සියබලගස්වැවට ජලය සැපයීම සහමුලින්ම නතර වී ඇතැයි ගොවීහු පවසති .

මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වන සංරක්ෂණ නිලධාරීන් ට කොතෙකුත් පැමිණිලි කළ ද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව එම ගොවීහු සඳහන් කරති.

මේ පිළිබඳව  හම්බන්තොට වනසංරක්ෂණ අඩවි සහකාර නිලධාරී කපිල මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දි ඔහු සඳහන් කළේය

ඉදිකරන ලද වැවේ කොටසක් ඉවත් කිරීමට පියවර ගත්තා  වනාන්තර හෙළි පෙහෙළි කිරීම පිළිබඳව මා දන්නේ නෑ .කෙසේ වෙතත් වනසංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයක වැව් ඉදිකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.