යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක්


අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාව එළිදැක්වීම අද (13) කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි.

යුතුකම සංවිධානයේ  සභාපති  ගෙවිදු කුමාරතුංග මහතා  මෙම යෝජනා මාලාව  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැම සිදුකෙරිණි.  

ආචාර්ය  ගුණදාස අමරසේකර , නීතිඥ  මනෝහර  ද සිල්වා යන මහත්වරු  විශේෂ  ඇගයීමකට  ලක් කරමින්  සමරු  තිලිණ පිරීනැමීමක්ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට  මහාසංඝරත්නය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය  ජි,එල්.පීරිස් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)