යුක්රේනයේ සිදුවන යුද අපරාධවලට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ චෝදනා කළේ යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමෙන් පසුවය.
කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපතිවරයා හමුවූයේ පෙර දැනුම්දීමකින් තොරවය.
රුසියන් ආක්‍රමණයට මුහුණ දෙන යුක්රේනයට අවි ආයුධ ලබා දීමට සහ රුසියාවට නව සම්බාධක පැනැවීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ අවධාරණය කළේය.
‘යුක්රේනයේ මහා අමානුෂික ආකාරයේ යුද අපරාධ සිදුවෙනවා. ඒ සියල්ලටම රුසියානු ජනාධිපති පුටින් වගකියන්න ඕනෑ. යුද අපරාධ චෝදනාවලින් පුටින්ට ගැලවීමක් නැහැ’ යැයි යුක්රේන ජනාධිපතිවරයා සමඟ එක් වෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
(රොයිටර්)