යුද හමුදාපති - ආරක්‍ෂක ලේකම් අතර හමුවක්


(ගයාන් සූරියආරච්චි)

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සමග පැවැති පළමු නිල හමුව මෙය වන අතර යුද හමුදාව විශිෂ්ඨත්වය කරා රැගෙනයාම සදහා යුද හමුදාපතිවරයාගේ නායකත්වය පිළිබදව විශ්වාසය පළ කරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

යුද හමුදාපතිවරයා ලද නව පත්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතාට සුභාශිංසන පළ කළ අතර යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ද පිරිනැමීය.