යුද හමුදාව පොල් පැල තවාන් දමයි


(ක.ග.කරුණාරත්න)

පොල් වගාකිරීමේ මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා යුද හමුදාව එක්ව පොල් පැල නිෂ්පාදන ව්‍යාපෘතියක් වැලිකන්ද කන්දකාඩුව යුද හමුදා ගොවිපලේදී ආරම්භ කරනු ලැබීය.

පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදෙන ලද පොල් බීජ පොල් ගෙඩි 10,000ක් ගොවිපල භූමියේ තවාන් කිරීම සිදු කළේය.

එසේ තවාන් කරන ලද පොල්, වගා කිරීමට සුදුසු තත්වයේ පැල වගා කිරීම සඳහා සුදුසු අවස්ථාවට පැමිණීමෙන් පසු පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නැවත මිලදී ගෙන ඒවා වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබාදීමට නියමිත බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ පොලොන්නරුව සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු මංජුල හේවාමලවි මහතා ප‍්‍රකාශ කළේය.