යුරෝපා සංගමයේ බෙදීමක් : වැටුණු ආර්ථිකය ගොඩගන්න යූරෝ බිලියන 750ක යෝජනාවක්


නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා යුරෝපා සංගම් නායකයන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වීමට නියමිතය.

ඒ සඳහා මේ වනවිට යූරෝ බිලියන 750ක එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 840ක අරමුදලක් යෝජනා වී තිබේ.

එහෙත් ඇතැම් උතුරු යුරෝපීය නායකයන් යුරෝපා සංගම් කොමිසමේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර යුරෝපා සංගමය තුළ බෙදීමක් ද ඇති වී ඇත.

නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවලට, විශේෂයෙන්ම ඉතාලිය සහ ස්පාඤ්ඤයට මූල්‍ය ප්‍රදාන කිරීම සඳහ එකමුතුව යූරෝ බිලියන 500ක් සොයාගැනීමට මෙහිදි අවධානය යොමු කෙරේ. ඇතැම් රටවල් යුරෝපා සංගම් සැලැස්මට සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ මෙය යි.

ඒ අනුව මෙලෙස සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ස්වීඩනය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තය යන රටවල් ය. ණය වෙනුවට මූල්‍ය ප්‍රදාන දීම සම්බන්ධයෙන් එම රටවල් මෙලෙස සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වනවිට යෝජනා වී තිබෙන යූරෝ ට්‍රිලියන 1.1ක යුරෝපා සංගම් අයවැය සම්බන්ධයෙන් ද එම සංගමය තුළ බෙදීමක් ඇති වී තිබේ.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යුරෝපා කොමිසමේ සැලැස්මට සහාය දක්වති.
 
 
අල්ජසීරා/ඒ.එෆ්.පී. 

055