යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා


(ජයන්ත නානායක්කාර, රෝහන සමරවීර සහ පී.ආර්.ගමගේ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක්  ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.

රත්නපුර දිස්ත්‍රීක්කයේ සිංහරාජ රක්ෂිතයට මායිම්ව ගොන්ගල කන්ද පාමුල මෙම හෝටලය පිිහිට තිබේ.

ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අක්කර විස්සකින් සමන්විත ඉඩමේ ඉදිකර තිබූ කබානස් පහකට හා තවත් ගොඩනැගිලි හයකට ගිනි තබා  අලාභ හානි කර ඇත.  එහි තිබූ ව්‍යායාම කරන උපකරණ රැසකටද හානි කර ඇත

නම සදහන් කිරීමට අකමැති එහි සිටි සේවකයෙක් සදහන් කළේ  හැත්තැවක සියයක පමන පිරිසක් පැමිණ පහරදී ප්‍රෙට්‍රල් වැනි යමක් දමා ගිනි තැබූ බවත් ඔහුන් අසල කැලයේ සැඟවී සිටි බවයි.