රංජන්ගේ උපන්දිනය සමරා වැලිකඩ දී කේක් කපයි


(ශාන්ත රත්නායක)

අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමරූහ. 

අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීය.