(මනෝප්රිය ගුණසේකර)
මහමැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වන මහින්ද සේනානායක මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.
නාමයෝජනා ලැයිස්තුවක් බලරහිත කිරීම සඳහා ඉල්ලීම් කළ යුත්තේ රිට් ආඥාවකින් මිස මූලික අයිතිවාසිකම් පෙත්සමකින් නොවන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා සහ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
කැලණිය වනවාසල පදිංචි මහින්ද සේනානායක මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.