රජයේ පශු වෛද්‍ය නිලධාරීහු විදී බසිති


 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සත්ත්ව සුබ සාධන සංගම් එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද(26)  පැවැත්විණි.
 
 
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
 
 
2018 ට පෙර, වසර 60ක් පුරාවට ජාතික ජල භීතිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළත් එහි අපේක්ෂිත අරමුණ වූ ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමට ඔවුන් අපොහොසත්  වී ඇති බවත් මෙම ජාතික වැඩසටහන සුදුසුකම් සහිත පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හැකි විගස පවරන ලෙසත් විරෝධතාකරුවෝ පැවසූහ.