(අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රෝගීභාවයට පත්වෙන පුරවැසියාට ලබා දීය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල් තුළින් ලබාදීම මෙන් ම පුරවැසියාට සුවපහසු, සමීප තැනක් බවට රෝහල පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීමේ සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් එම රෝහලේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ වාට්ටු , සායන, ශල්‍යාගාර, රසා
ප්‍රමිතිගත රසායනාගාර සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය-SLAB මගින් රසායනාගාර වෙත පිරිනැමෙන ප්‍රමිතිකරණය ලබා ගැනීමට රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය අයැදුම් කර ඇති අතර රජයේ රෝහලක රසායනාගාරයක් ප්‍රමිතිකරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.