රට පුරා විරෝධතා උත්සන්න වෙයි


(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයාට සහ රජයට  ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.

ජනතාව තමන්ට ආසන්නම නගරයට පැමිණ රජයට විරෝධය පා විරෝධතාවල නිරත වූහ.

මෙම විරෝධතාවලට පැමිණි ජනතාව වෙනුවෙන් එම නගරවැසියන් විසින් ආහාර පාන ද පිළියෙල කරනු දක්නට ලැබිණි.

ජනතාව සටන් පාඨ කියමින් සහ සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවන්හි යෙදුණහ.

මෙම හර්තාලය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබූ අතර, නගරවල වෙළඳසැල් වසා කළු කොඩිද ඔසවා තිබෙනු දක්නට ලැබිණ.

ජනතාව වීදි බැස රජයට එරෙහි විරෝධතාවල නිරතව සිටි අතර ඇතැම් ස්ථානවල මාර්ග තදබදයන්ද පැවතිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)