රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා


(ක.ග කරුණාරත්න)

වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අදත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්විණි. 

පොලොන්නරුව  පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධායේ මෙහෙයවීමෙන් පාගමනක් හා විරෝධතාවක් පොලොන්නරුව නගරයේදී පැවැත්විණි. පොලොන්නරුව රෝහල් හන්දිය අසලින් ආරම්භ වූ එම දිප උයන දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ. මේ හේතුවෙන් හබරණ මඩකළපුව මාර්ගය ගමනා ගමනයට බාධා එල්ල විණි.

මහවැලි  එචි  කලාපයට අයත් ගොවී සංවිධාන 20ක ගොවීහු පිරිසක්  තලාව නගරයේ දී ද අද පෙරවරුවේ  දැවැන්ත උද්ඝෝෂණයක නිතර වූහ.

තලාව ජයගඟ හන්දියෙන් ආරම්භ කළ  එම උද්ඝෝෂණය තලාව  නගරයට පැමිණි අතර මහවැලි එචි.  කලාපයට අයත් ගොවි සංවිධාන විස්සක ගොවි මහතුන්  හා අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් පිරිසක්  ද ඒ සඳහා සහභාගි වූහ .

(ක.ග කරුණාරත්න)

තලාව නගරයට එක් වූ ගොවි සංවිධානවල සාමාජිකයන් විරෝධතාවේ නිතරව සිටි අයුරු ඡායාරූප උපුල් හේරත්

ඡායාරූප නවරත්න සමරතුංග

අම්පාර ප්‍රදේශය