රණවිරුවන්ට සම්බාධක පැනවීම ගැන ආණ්ඩුවෙන් ‘පතෝල’ පිළිතුරක්


(යොහාන් භාසුර)

බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා දී ඇති පිළිතුර ‘පතෝල’ පිළිතුරක් ලෙස දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (27) පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම පිළිබඳ කල්මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇති බවත් එම ප්‍රතිචාරය ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක් බවත් ගම්මන්පිල මහතා කීය.

එය බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක් යැයි ආණ්ඩුව පවසන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කතා කර හවුලේ ගත්තු තීරණයක් යැයි ඒ ප්‍රකාශයේ සඳහන්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන්නේ යැයි විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත බව කී ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය මෙරට රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.