රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති.

දිගින් දිගටම ඇද හැලුන මහ වැසිත් සමඟ කටුපත වැව වාන් දැමිමේන් ගලා එන ජලය රතඹලාඔය මැදින් ගලා යාමෙන්  මෙම විනාශය සිදුව තිබේ.

අස්වනු නෙළිමට ආසන්න වී වගාව කිසිදු ප්‍රයෝජනයක් ගැනිමට නොහැකි ලෙස අඩි තුනකට වැඩි ජල කදකින් දින ගනනාවක් තිස්සේ යටවි තිබිම හේතුවෙන්  තමන් මෙලෙස අන්ත අසරණ වී ඇති බව ගොවිහු පවසයි.

ජලයෙන් යටවු කුඹුරු යායේ ගොයම් මේ වන විට පැල වෙමින් තිබෙන බවද ගොවින් මහත් කම්පා වෙමින් පවසයි.

මෙසේ රතඹලාඔය පිටාර ගැලිමෙන් තම මහමහාඑළිය කුඹුරු යායට අමතරව පුලියන්කුලම,පිංකට්ටිය,මදුරන්සෝලේ,අන්දරවැව,ඇතුළු කුඹුරු වල වගා කර තිබු අක්කර 1000 කට (දහසකට) ආසන්න කුඹුරු විනාශ වෙමින් ඇති බව කියයි.