(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
රත්නපුර දිස්ත්‍රික්කයට අද(03) වන දා දහවල තඳ වර්ෂාව නැවත ආරම්භ වීමත් සමඟ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 14 කට පළමු අදියරේ සහ දෙවැනි අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බැවින් කඳු බැවුමි ආශ්‍රිතව පදිංචි ජනතාව සහ නාය අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා ජනතාවට දැනුම් දෙයි.
රත්නපුර , ඇහැලියගොඩ , ඇලපාත , කුරුවිට , කහවත්ත , ගොඩකවෙල , පැල්මඩුල්ල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සඳහා නායයෑම් දෙවැනි අදියරේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවත් නිවිතිගල , අයගම , බලන්ගොඩ , ඉඹුල්පේ ,ඕපනායක , කිරිඇල්ල, සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නායයෑමේ පළමු අදියරේ නිවේදන නිකුත් කර ඇති බවත් අභිත වනසුන්දර මහතා පැවැසීය.
මීට පෙර පැවැති අධික වර්ෂාවත් සමඟ නායයෑම් කිහිපයක්ම සිදු වූ බවත් යලිත් පවතින වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල නායයෑම් යලි සක්‍රිය වීමේ අවදානම් තත්ත්වයක් පවතින බවද ඒ මහතා කීය.
තඳ වර්ෂාවත් කඳු බැවුම් ආශ්රිත සහ නායයෑමේ අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසත් තමන් පදිංචි ප්‍රදේශවල ගස් ඇලවීම, කණ්ඩි කඩා වැටීම ,පොර ජල උල්පත් මතු වීම, ගල් පෙරලීම, නිවාස වල ඉරි තැලීම, පොළ පුපුරා යෑම යන ලක්ෂණ ඇති වන්නේ නම් වහාම ග්‍රාම නිළධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආපදා ඒකක වෙත දැනුම් දෙන ලෙසද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.