රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ


(චතුර එස් කොඩිකාර)
 
රත්මලාන  ශ්‍රී  ධර්මාරාම නා හිමියන් ගේ   ශතසංවත්සර  ගුණ සැමරුම    කැළණිය   විද්‍යාලංකාර  පිරිවෙනේදී  අද (02) පැවැත්විණි.
 
ශ්‍යාමෝපාලිවංශික  මහානිකායේ  මල්වතු  පාර්ශවයේඅනුනායක   ධුරන්දර  ,නියංගොඩ  විජිතසිරි  නායක  ස්වාමින් වහන්සේ , විද්‍යාලංකාර  පරිවෙනාධිපති  හා අධ්‍යක්ෂ  කැළණිය  විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම  නා හිමි  ප්‍රමුඛ   මහාසංඝරත්නය ද  , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මහාචාර්ය  ජේ.බී . දිසානායක ,මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස   කැළණිය  විශ්ව විද්‍යාලයේ උප කුලපති   මහාචාර්ය  ඩී.එම්. සේමසිංහ , විද්‍යාලංකාර  සභාවේ සභාපති   විශේෂඥ  වෛද්‍ය  ලක්ෂමන්  ආටිගල , යන මහත්වරු    ඇතුළු විශාල පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.