රත්මලානට ආ අමුත්තන් තිදෙනා


(රේඛා තරංගනී ෆොන්සේකා)

යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය.

ගිම්හාන කාලයේ යුරෝපා වනාන්තරවල ලැව් ගිනි නිවීමේ කටයුතුවල නිරත වීම සඳහා ඔස්ට්‍රෙලියාවේ සිට තුර්කිය බලා යන ගමනේදී කොළඹ ගුවන්තොටුපොළට පැමිණි බව රත්මලාන ගුවන්තොටුපොළ කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

ඒ යටතේ (Air Tractor) AT-802 VH-JQW, සහ VH-FZV,VH-CKS මෙරටට පැමිණි ගුවන් යානා විය.

එම ගුවන්යානා සඳහා ඉන්දන සැපයිමද රත්මලානෙදී සිදු කෙරෙණ අතර එම ගුවන්යානා සදහා අවශ්‍ය තාක්ෂනික බිම් මෙහෙයුම් කටයුතු සිදුකරන ලද්දේද රත්මලාන ගුවන්තොටුපළ තුළ ස්ථාපිතව ඇති බිම් මෙහෙයුම් (Ground Handling) අංශය මගින් වීම විශේෂත්වයකි.

මෙම ගුවන් කටයුතු සඳහා ජාත්‍යන්තර ගුවන් යානා රත්මලානට පැමිණිම රට තුල ඇතිව තිබෙන ඩොලර් ගැටලුවට එය කදිම ආදායමක් බව ගුවන්තොටේ කළමනාකාරවරයා පැවසී.

ගුවන් යානා තුනෙන් මෙරටට ලැබෙන ආදායම  ඩොලර් දොළස්දාහක් වන අතර එම ගුවන්යානා එක්දිනක් මෙරට රැදී සිටීමට නියමිත බව කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන එවැනි ගුවන් ට්‍රැක්ටර් විවේක් ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළ තෝරාගැනීම සිදුකරන බව සඳහන් කළ ඒ මහතා ඉදිරියේ දී වෙළඳ යානා කිහිපයක් ම රත්මලානට පැමිණීමට නියමිත බව පැවසීය.