රන් අස්වනු නෙළන පොඩි ගොවිරාළලා


(ඡායාරූප - එම්. සුසිල්  ප්‍රියන්ත)

(ඡායාරූප - ජේ.ඉඳුරුවගේ)
       
වසර 23ක් පුරන්ව තිබූ කුඹුරක, වල් නෙළා, පොහොර යොදා අස්වද්දා, අස්වනු නෙළීමේ උත්සවයක් අද(06) කරන්දෙණියේදී පැවැත්විණි.
 
කරන්දෙණිය බන්දුල සේනාධීර මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ, ගොවි ගෙවිලියන් ලෙස සැරසී අස්වනු නෙළීමට එක්වූහ.
  
බන්දුල සේනාධීර විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්ය මාලක විජේසේකර මහතාගේ මග පෙන්වීම යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියෝ මීට සහභාගී වූහ.
          
බුදු දහමට හා හෙළ සිරිතට අනුව පාරම්පරික  ක්‍රමයට මුල්තැන දෙමින් චාරිත්‍ර ඉටුකරමින් ඔවුන් අස්වනු නෙළනු දැකිය හැකි විය.