රන්වන් පැහැති මීමින්නෙක් තබ්බෝවෙන් සොයාගනී



(එච්.චන්දන)
 
ශරීරය රන්වන් පාට සහිත මීමින්නෙකු  නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩමකින්  හමුවු බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලය කියයි.
 
වන ජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් විසින් මීමින්නා අල්ලා ගන්නා ලදුව පුත්තලම වන ජීවී කාර්යාලයට රැගෙන ගොස් ඇත.
 
ඇලි බවක් හේතුවෙන් මීමින්නා මෙම වර්ණය ගෙන ඇති බවද, ශරීරයේ කුඩා තිත් කිහිපයක් පෙනෙන්නට ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.