රනිල් නේපාල අගමැති හමු වෙයි


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.