රවීගේ නිවෙසට ආරක්ෂාව


(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු  රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි  නිවෙසට  අද (19) සිට විශේෂ ආරක්ෂාව  යොදවා ඇත.

පොලිස් භට  කණ්ඩායමක් නිවෙසේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනු එහි ගිය අපට දැකගත හැකිවිය.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. ඉන් එක් ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක  මහතාගේ නම පක්ෂයේ මහ ලේකම්  ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව යොමු කරනු ලැබීය.  ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව  රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස  නම් කරමින් ගැසට් නිවේදනයක්ද  නිකුත් කළේය.

රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එසේ නම් කිරීමෙන් පසු  නිවේදනයක් නිකුත් කළ එම පක්ෂය පැවසුවේ  සන්ධාන ගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට   රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීම වැරදි තීරණයක් බවයි.

පක්ෂයේ ලේකම්වරිය විසින්  කරන ලද එම නම් කිරීම හේතුවෙන් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇත. රවී කර්මානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙ සට ආරක්ෂාව සපයා ඇත්තේ මේ  අර්බුධකාරී  තත්වය සැලකිල්ලට ගෙන බව පොලිසිය පවසයි.