රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති


(ප්‍රසංග සිල්වා)

කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.

පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි

ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නැත.

හුස්ම ගැනීමේ අපහසුව සහ උදයයේ කැක්කුම මෙම සිසුන්ගේ රෝගී ලක්ෂණ බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ගින්නත් සමග පතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වි ඇති අතර  මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

--------------------------------------------------------

පෙරවරු 10 . 01

(ප්‍රසංග සිල්වා)

කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.

මේ වන විට සිසු සිසුවියන් 40කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පාසල් දෙකක සිසු සිසුවියෝ මෙසෛ් රෝගී වූහ.