රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි - වීඩියෝ


(තිස්ස කොටින්කඩුව)

රාගම ශික්ෂණ මහ රෝහලේ  කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවෙයි.

මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයිද ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරති.

බොහෝ රෝගින් වාට්ටුවල තැනින් තැන ගැටලු රැසක් මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දිනෙක  මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.

මේ පිළිබදව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා ගෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,කොවිඩි 19 වසංගත 4 වැනි රැල්ලත් සමග රාගම ශීක්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇදන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගින් එම වාට්ටු වලට ප්‍රථිකාර ගැනිම සදහා දෛනිකව ඇතුළු වන බවය.

උද්ගතව ඇති බැරැරුම් තත්ත්වය පාලනය කිරිම සදහා මේ වන විට ඇදන්  236කින් සමන්විත වාටිටු 10ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවද සදහන් කළ අධ්‍යක්ෂක වරයා ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන  කදාන ප්‍රාදේශිය රෝහලේ  ඇදන්  114 සමග වාට්ටු තුනක්ද,සිදුව ඇදන් 600 කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බවය.

මේ වන විට රෝගින් රාගම,කදාන සහ සිදුව කොරෝනා මධ්‍යස්ථානයේ රෝගින් 1020 ප්‍රථිකාර ලබමින් සිටින අතර රාගම ශික්ෂණ රෝහලේ ඇදන් වලට වඩා රෝගින් ප්‍රමාණයක් සිටිම හේතුවෙන් සමහර රෝගින්ට ඔක්සිජන් පවා ලබා දිමට සිදුව ඇත්තේ බිම දිගා කොට බවය.   

කොරෝනා ආසාදිතයන් සදහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇදන් 28 කින් යුත් තවත් වාටිටුවක් ආරම්භ කිරිමට නියමිත බවද අධ්‍යක්ෂක වරයා පවසයි.

මේ වන විට තම කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් ඇතුලු සියලු සේවක සේවිකාවන් දැඩි කැප විමකින් සේවයේ නියතුව සිටින බව සදහන් කළ අධ්‍යක්ෂක වරයා දැනට කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් දෙදෙනෙකු ඇතුලු හෙදියන් 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.

රාගම ශික්ෂන රෝහලේ ශාල්‍යකර්ම,හර්ද රෝගින් හා වකුගඩු රෝගින් සදහා ප්‍රතිකාර,මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශය සේවාවාවන් කර ගෙන යන අතර තුර කොරෝනා ආසාදිතයන්ටද ප්‍රතිකර ලබදෙන බව අමතක නොකල යුතු කරුණක් බවද අධ්‍යක්ෂක වරයා සදහන් කරයි