රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

රස්නායකපුර කඩිගාවේ දී   වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.

මෙසේ මියගියේ නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.

මියගිය කොස්තාපල්වරයා රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී 8.00 ට පමණ තවත් පොලිස් නිලධාරකු සමග වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.