රාජාංගනයේ කෙසෙල් පැපොල් වතුවලම කුණු වෙයි


(නුවන් කුමාර)

රාජාංගණය,තලාව,මීගලෑව,තඹුත්තේගම,පහළගම,ගල්නෑව ආදි ප්‍රදේශවල  කෙසෙල් හා පැපොල් අලෙවි කර ගත නොහැකිව එම වගාකරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

කොරෝනා ව්‍යාප්තිය හා සංචරණ සීමා නිසා  කෙසෙල් හා පැපොල් මිලට ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණෙන බව ද ඔවුහු පවසති. ඇතැම් අවස්ථාවට නියමිත මිලක් නොලැබෙන බව ද ගොවීහු සඳහන් කරති.

ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 8කට ,සීනි කෙසෙල් කිලෝව රුපියල් 10ක් වැනි මිලකටත් පැපොල් කිලෝව රුපියල් 12ක් දක්වා පහත වැටී ඇත.  

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන පැපොල් හා කෙසෙල් අළෙවි කරගැනීමට නොහැකි නිසා සමහර ගොවියන් නැවතත් ඒවා තම නිවෙස් වලට රැගෙන ගොස් විනාශ කර අතර තවත් සමහර ඇතැම් ගොවියන්  ආර්ථික මධ්‍යස්ථානයේම දමා ගොස් ඇත.