(ගයාන් සූරියආරච්චි)
ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්ජනය කර ඇතැයි වීරඹුගෙදර පොලිසිය පවසයි.
පරගම්මන, යක්විල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පක්ෂ ආධාරකරුවකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිලිකරු ගල් ක්‍රෂර් ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර ඔහු තම සේවා ස්ථානයේ සේවය කරනු ලබන සේවකයන් සදහා රැස්වීමක් පවත්වා ඇති අතර වග උත්තරකරු විසින් ජංගම දුරකතනයෙන් පැමිණිලිකරුට බැන තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.