(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්සේ දී අද 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ ගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචි ජේ .කේ . බන්දුල රණතුංග (71) සහ එන්.පී නිහාල් (51) අයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ සිට බකමූණ දෙසට පැමිණි ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන එක් කුඹුක් ගසක ගැටී යළි තවත් ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.