( ප්රසන්න පත්මසිරි)
බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි.
බසය අද (22) ස්ප්රීන්වලි බැද්දේගම සිට බදුල්ල බලා මගීන් 75 දෙනෙකු සමග ධාවනය වෙමින් තිබියදි රොක්හිල් වීර්ය්යපුර ප්රදේශයේදි බසයේ පිටුපස වමේ ටයර් දෙකම ගැලවී විසිවී තිබේ.
රියදුරාගේ දක්ෂතාවය නිසාම බසය මාර්ගය මැද නවතාගෙන සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇතැයි බදුල්ල ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළේය.