රුක්මන් සේනානායක දිවි සැරිය නිමවයි


(අංජුල මහික වීරරත්න)

පරිසර සහ වනජීවී කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබලයකු වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ  මුණුපුරෙකි. 

මියයන විට  76 වන වියෙහි විසූ රුක්මන් සේනානායක මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසුණේ 1973 වසරේ දීය. 

රුක්මන් සේනානායක මහතා කලක්  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය.