රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි


(මනුල වික්‍රම)

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

අනුරාධපුර අටමස්ථානාධිපති උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන  යන නා හිමිරුවන්  සහ තායිලන්තයේ  ලුම්පෝ අනන් සංඝරාජ හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කෙරිණි.

කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම හෙට (26)  උදෑසන 10.00 ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මහා සෑයෙන් ඉවත් කෙරුණු පැරණි චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය සඳහ විශේෂ කුටියකට  වැඩම කරවා තිබේ.