රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා


රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ කීවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිණි. බටහිර රටවල සහාය ලැබෙන්නේ නම්, රුසියන් හමුදා පරාජය කිරීමට තමන්ට ශක්තිය ඇතැයි ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)