රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බවත් රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවසති.
රුසියානු විපක්ෂ නායක ලෙස සැලකෙන ඇලෙක්සි නෙවල්නී පවසා ඇත්තේ යුක්රේනයට එරෙහිව හමුදා ප්‍රහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් පුටින් සහ ඔහුගේ රජයට එරෙහිව දිගටම විරෝධතා පැවැත්විය යුතු බවය.
මේ වනවිට මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගර රැසක පුටින්ට එරෙහි විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන් දහස් ගණනක් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද වාර්තා වේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න