රුසියානු-ඇමෙරිකානු නාවික හමුදා නෞකා ලංකාවෙන් පිටත් වෙයි


(රුසියානු නාවික හමුදාවට අයත් නෞකා )

(ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත්‘රුෂ්මෝර්’ නෞකාව)

කොළඹ වරායට පැමිණි වූ රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා නෞකාවන් තුන සිය  නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

 
පසුගිය දෙසැම්බර් 20 වැනි දින එම නෞකා තුන  කොළඹ වරායට පැමිණියේය.
 
මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.
 
අනතුරුව  අවසන් දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. 

එමෙන්ම කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත්‘රුෂ්මෝර්’ නෞකාව ද  අද  දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

(36698)