රුසියාව - චීනය නිෂේධ බලයෙන් උතුරු කොරියාව ගොඩ


උතුරු කොරියාවට සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත කිරීමට චීනය සහ රුසියාව ඊයේ (26) පියවර ගත්තේ ය.

උතුරු කොරියාව බදාදා බැලැස්ටික් මිසයිල තුනක් දියත් කළ අතර ඔවුන්, ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල දියත් කිරීම යාවත්කාලීන කර ඇතැයි වාර්තා වේ.

චීනය සහ රුසියාව මෙලෙස නිෂේද බලය භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ උතුරු කොරියාව සම්බන්ධයෙන් පැහැදිලි බෙදීමක් දක්නට ලැබුණු පළමු අවස්ථාව යැයි ද වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සම්බාධක පනවමින් උතුරු කොරියාවට දඬුවම් දීම ආරම්භ කළේ 2006 වසරේදී ය.

ආරක්ෂක කවුන්සිලයේ ඉතිරි සාමාජිකයන් 13 දෙනා ඇමෙරිකා එක්සත් ජනපදය කෙටුම්පත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ ය.

මෙම නව සම්බාධකවලට අනුව උතුරු කොරියාවට දුම්කොළ සහ තෙල් අපනයන කිරීම තහනම් කෙරේ.

උතුරු කොරියානු නායකයා එක දිගට දුම් වැටි කිහිපයක් (chain smoker) ලෙස ද ප්‍රසිද්ධ ය.

මීට අමතරව ලාසරස් (Lazarus) හැකර් කණ්ඩායම තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙම කණ්ඩායම උතුරු කොරියාව සමඟ සම්බන්ධකම් පවත්වන බව වාර්තා වේ.

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල තුනක් දියත් කිරීමෙන් දිනකට පසු මෙම ඡන්ද විමසීම පැවැත්විණි. එයින් එක් මිසයිලයක් උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලූ විශාලතම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය බව ද පැවසේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ආසියාවේ සංචාරයක නිරත වී සිටින මොහොතක මෙය අත්හදා බැලීමද විශේෂත්වයකි.

ආරක්ෂක කවුන්සිලය බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇත.

(රොයිටර්)